ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට රනිල්ගේ නම ගැසට් කරයි


(සුජිත් හේවාජුලිගේ )

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරෙන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (18) පස්වරුවේ නිකුත් කරනු ලැබීය.

මේ ගැසට් නිවේදනය එම කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට නිල වශයෙන් භාරදෙනු ලැබීමට නියමිතය .

ඉන්පසු වික්‍රමසිංහ මහතාට එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම සඳහා අවස්ථාව සලසා දීමට කටයුතු කෙරෙනු ඇත.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ලබන 23 වැනිදා දිවුරුම්දීමට නියමිතව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා යෝජනා කෙරිණ .

පසුගිය 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු ලයිස්තු මන්ත්‍රීධූරයක් පමණි.