(යොහාන් භාසුර)
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් එම රෝහලේ සේවකයන් පිරිසක් වැඩවර්ජනයක් ප්‍රකාශ නොකර සේවයෙන් ඉවත්ව සිටින බවත් අදාල පිරිස හදුනාගැනීම සදඟා සෞඛ්‍ය හදිසි වැටලීම් අංශය පරීක්‍ෂණ ආරම්භ කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (1) පැවසීය.
මීට පෙර පැවැති විරෝධතාව සම්බන්ධයෙන් නොතීසි බලාසිටිනේ යැයි කියන පිරිසක් වෙනත් පිරිසක් යොදවා අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය තුළ විරෝධතාවක් පැවැත්වූ බව කී එම උසස් නිලධාරියා අදාල උද්ඝෝෂකයන්ගේ බලපෑම් හේතුවෙන් සෙසු සේවකයන්ට ද රාජකාරි කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව ද සඳහන් කළේය.
වෛද්‍යවරු සහ හෙද නිලධාරී ඇතුළු වෘත්තිය රැසක් මෙම විරෝධතාවට සම්බන්ධ වී නොමැති බවත් විරෝධතාවයට සම්බන්ධ වී නොමැති සේවකයන් වෘත්තිය සමිතිවල රැසිරීමට විරෝධය පළකරන බවත් එම නිලධාරියා කීය.

