ජාතික බුද්ධි අංශ ප්‍රධානී ධූරයට පත් කෙරුණු මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා ඊයේ (13) පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාර ගත්තේය.
ජාතික බුද්ධි අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් රුවන් කුලතුංග මහතා පත්කර ඇත.
1984 මාර්තු මස 05 වැනිදා බඳවා ගැනීම් 19 යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුදාවට බැඳුණු රුවන් කුලතුංග මහතා මේ වනවිට යුද හමුදා පාබල හමුදාවේ අධිපතිවරයා වශයෙන් ද සපුගස්කන්ද ආරක්ෂක අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේවා විධායක ලෙස ද කටයුතු කරයි.

