(රංජන් කස්තුරි)
තමා සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වඩා වැඩි කාලයක් සේවය සම්පූර්ණ කර ඇති ගුරුවරුන්ට එම පාසලටම සිය දරුවන් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ජාතික පාසල්වල 1, 5, 6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්තිවලට දරුවන් ඇතුළත් කිරීමේදී ගුරුවරුන්ට එම තීරණය බලපැවැත්වෙන බවද අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
දරුවන් දහස් ගණනක් වෙනුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ ගුරුවරුන්ට ගැටලුවකින් තොරව සිය දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමට හැකිවීම ඔවුන්ගේ යහපත් මානසිකත්වය පවත්වා ගැනීමට ඉවහල් වන්නේ යැයිද අධ්‍යාපන ඇමතිවරයා කීවේය.

