(යොහාන් භාසුර)
වර්තමාන රජයේ ජාතික පාසල් 1000 වැඩසටහන යටතේ ජාතික පාසල් බවට පත්වූ පාසල් නිල වශයෙන් ජාතික පාසල් බවට නිවේදනය කිරීමේ උත්සව අද (8) ආරම්භ විය.
එම උත්සව රට පුරා අද සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
මෙහි පළමු අදියර යටතේ කිසිඳු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 ක එක් පළාත් සභා පාසල බැගින් තෝරාගෙන ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගත් අතර දෙවන අදියර යටතේ තවත් පාසල් 673 ක් ජාතික සංවර්ධනය කිරීමටත්, තෙවන අදියර යටතේ දැනට පවතින ජාතික පාසල් 373 තවදුරටත් සංවර්ධනය කිරීමටත් නියමිතය.

