
(යොහාන් භාසුර)
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනක් අක්‍රීය වීම නිසා මෙගාවොට් 280 ක් සහ වරායේ පිහිටි දැවිතෙල් බලාගාරයක් අක්‍රීය වීම මොගාවොට් 60 ක් අහිමිවීමෙන් අද (3) පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසීය.
එම බලාගාර අක්‍රීය වීම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 340 ක් අහිවීමෙන් එම ප්‍රමාණය ආවරණය කිරීම සඳහා විදුලි කප්පාදු කිරීමට සිදුවන බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

