(අංජුල මහික වීරරත්න)
ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමෙන් පසු 77 වැනි ජාතික නිදහස් උළෙල සමාප්තියට පත්විය.
නිදහස් උළෙල ඇරැඹුමේ දී සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුණු අතර සමාප්තිය සටහන් වූයේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැනීමෙනි.
කොළඹ 02 ආරක්ෂක සේවා විදුහල, කොළඹ 10 නාලන්දා විද්‍යාලය, කොළඹ 04 මුස්ලිම් කාන්තා විදුහල,කොළඹ 07 රාජකීය විද්‍යාලය, කොළඹ 04 රාමනාදන් හින්දු විදුහල,කොළඹ 10 සහිරා විදුහල,කොළඹ 10, සියලු ශාන්තුවරයන්ගේ බාලිකා මහා විද්‍යාලය,කොළඹ 08 සුසමය වර්ධන විද්‍යාලය, කොළඹ 04 හින්දු විද්‍යාලය නියෝජනය කරමින් සිසු සිසුවියෝ 44 දෙනෙක් ජාතික ගීය ගැයූහ.