ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 40ක් ලියාපදිංචි වෙති


 

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන බලපත්‍රයට ඊයේ (26) රාත්‍රී වන විට පුද්ගලයන් ලක්‍ෂ 40 ක් ලියාපදිංචි වී සිටි බවත් සිපෙට්කෝ පිරවුම්හල් 299 කදී සහ අයි.ඕ.සී. පිරවුම්හල් 34 කදී පුද්ගලයන්  92,845 කිව්.ආර්. පද්ධතිය භාවිතා කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ජාතික ඉන්ධන බලපත්‍රයට ඊයේ රාත්‍රී වන විට යතුරුපැදි 2,364,434 ක් සහ ත්‍රිරෝද රථ 723,022 ක් ලියාපදිංචි වී ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.