(සුජිත් හේවාජුලිගේ )
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපයේදී රජයට ඉදිරිපත් කරන බව ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීහු ජනාධිපතිවරයාට අද (27) දැනුම් දුන්හ.
කෙටුම්පත සකස් කර අවසන්ව ඇතැයිද ඔවුහු සඳහන් කළහ.
එම නිලධාරීන් මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.