ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලිය ගන්න අවස්ථාව


(යොහාන් භාසුර)

රුපියල් ලක්‍ෂයකට අඩු බැංකු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය ගැනීමේදී මුහුණ දුන් ගැටලුව විසදමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඒ අනුව එවැනි ගිණුම්වලට වසරක් ගත නොවුණ ද පොලිය ගැනීමේ අවස්ථා හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (27) පැවසීය.

මෙම ගිණුම් පිළිබඳව තොරතුරු 1944 ක්‍ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් ද ගතහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී කීය.