ජලාශ 36ක් උතුරයි


(සුජිත් හේවාජුලිගේ)

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 52කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය.

වාන් දැමීම මගින් ගංවතුර තත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක් සිදුනොවන හෙයින් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඔහු කීය .