(යොහාන් භාසුර)
දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සමසේ බෙදාහැරිය යුතු බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවම කර අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි තත්වයන් යටතේ පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදි අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවත් මෙම වියළි කාලගුණික තත්වය නිසා ජනතාවට මුහුණදීමට සිදු වී තිබෙන අපහසුතාවයන් අවම කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය උපරිමව කටයුතු කරන අතර මෙම අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.