
(විනීතා එම් ගමගේ)
පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ඉදිකිරීමට යෝජිත මහා මාර්ගයේ ඉදිකිරීම්වලට විරුද්ධව නඩු මගට බසින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
එම වනෝද්‍යානය මැදින් මහවැලි ගඟට සමාන්තරව යක්කුරේ දක්වා කිලෝ මීටර් 13 ක් දුරට මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතව තිබේ.
සමාජ හා පාරිසරික වශයෙන් බලපෑම් රාශියක් ඇතිවිය හාකි මෙම මාර්ගය ඉදිකිරීම් ආරම්භ කළ හොත් කල්ලාරු රක්ෂිත වනාන්නතරයට අභියාචනාධිකරණය ඊයේ දුන් තීන්දුව පදනම් කරගෙන අධිකරණයට යන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසිය.
වස්ගමුව ජාතික වනෝද්‍යානයට නව පිවිසුමක් ලෙස අඹන්ගඟ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව පිවිසුම් මාර්ගයද පවතින අලි මිනිස් ගැටුම වැඩි වනවා මෙන්ම රක්ෂිතයේ වන සතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
එකී යෝජනාව අනුව මෙම මාර්ගය ඉදි කිරීමේදී දැනට ඉතිරිවී ඇති බන්ඩියා විල්ලුව සහ හඳපාන්විල්ලුව, වැනි සුවිශේෂී විල්ලු පද්ධතිය විනාශයට ලක්වීමේ අවදානමක් ඇතැයි කී හේමන්ත විතානගේ මහතා බරපතල පාරිසරික විනාශයක් සිදුවීමේ ආරම්භයක් ලෙස මෙම යෝජනාව හැදින්විය හැකියැයි ද කීය.
මේ තත්ත්වය යටතේ වනාන්තරය මැදින් මාර්ගයක් ඉදිකිරීම් කළහොත් නඩු පවරන බවත් කල්ලාරැ වනයෙ කැපූ පිරිසට මෙන් ගෙවන්නට නියෝග කළ විට ගෙවීම සඳහා මුදල් සූදානම් කරගෙනම වැඩ පටන්ගන්නැයි තමන් මේ යෝජනාව ගෙනෙන දේශපාලකයන්ට කියන බවත් විතානගේ මහතා කීය.
පොලොන්නරැව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේ දී ඉකුත් 15 වැනිදා.වන වගා කිරීමේ ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමේ දී මෙම මාර්ගය ඉදිකිරීමට තීරණය වී තිබේ.මේ සම්බන්ධව නිලධාරින් අති බහුතරයක් විරෝධ්‍ය පළ කර ඇතැයි දැනගන්නට ලැබී ඇති අතර වනජීවී අඩවි සහකාර වෘත්තිකයින්ගේ සංගමය “පොලොන්නරුව කලාපයේ වනජීවී රක්‍ෂිතවලට එල්ලවී ඇති අහිතකර බලපෑම් ඉවත් කිරීම සඳහා” මැයෙන් වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙහි ඇති අනතුර පෙන්වා දී තිබේ.
රක්‍ෂිතයක් මැදින් මාර්ගයක් ඉදි කිරීම මගින් සිදුවන්නේ රක්‍ෂිතයේ ජීවත්වන වනජීවී ගහනයන් සහ ඔවුන්ගේ පරිසරය ඛණ්ඩනය වීම බවත් ජීවීන්ගේ වඳවීමේ සීග්‍රතාවය ගහණයේ විශාලත්වය මත තීරණය වන අතර වාසස්ථාන ඛණ්ඩනය වීමෙන් ගහණයන් ජීව විද්‍යාත්මකව හුදෙකලා කුඩා ගහණයන් බවට පත්ව ගහණයේ වඳවීමේ සීග්‍රතාවය බලවත් ලෙස ඉහළ යාමට හැකි බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

