
(එම් .සුසිල් ප්‍රියන්ත )
අම්බලන්ගොඩ නගරය සමීපයේ ඇති ප්‍රධාන මාර්ගයක් වන පීරිස් වෙද මාවතේ ජල නළයක් අද (10 ) අලුයම් කාලයේ පිපිරීයාමෙන් එම මාවත වසා දැමීමට අදාළ බලධාරීහු පියවර ගත්හ.
මේ ජල නළය පිපිරීයාමත් සමගම අම්බලන්ගොඩ නගරයට ජල සැපයුම අද (10 ) උදෑසන සිට ඇන සිටි අතර මේ නිසා නගරවාසීන්ට දැඩි දුෂ්කරතාවන් රැසකටම මුහුණ දීමට සිදුවූහ.
පිපිරී ගිය ජල නලයෙන් පිටාර ගැලු ජලයෙන් ඒ ආසන්නයේ පිහිටි නිවසක්ද ජලයෙන් යටවුණි.ජල නළය පිපිරීමත් සමගම පීරිස් වෙද මාවත වසා දැමීම නිසා එම මාර්ගය ප්‍රයෝජනයට ගන්නා අම්බලන්ගොඩ නගරයේ පාසල්වලට පැමිණෙන සිසුන් ඇතුළු මගීන්ට දැඩි දුෂ්කරතාවන් රැසකටම මුහුණ දීමට සිදුවුණි. වසරක් ඇතුළත මේ මාවතේ ජල නළ පිපිරු තුන් වැනි අවස්ථාව බව ප්‍රදේශවාසීහු කියති.
මේ ජල නළය පිපිරීයාමත් සමගම ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අම්බලන්ගොඩ කාර්යාලයේ නිලධාරීන් පැමිණ එය ප්‍රතිසංස්කරණය කිරීමට පියවරගෙන තිබුණි.

