ජරාව ඇහිලූ ඕ.අයි.සී ට මාරුවක්


(ඉන්දිකා  රාමනායක)

ව්‍යාපාරිකයන්ට  බලපෑම්  කරමින්  සුපිරි හෝටල් වලින්  නොමිලේ  ආහාරපාන  ගෙන්වාගැනීම  සහ  සිය පෞද්ගලික මෝටර් රථයට  ඉන්ධන හල් වලින් තෙල් ලබා ගැනීමේ    ආදී    ක්‍රියාවල නිරතව සිටී  කොළඹට නුදුරු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක්  වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම ස්ථානාධිපතිවරයා ගේ ස්ථානාධිපති ධූරය අහිමි කරමින් ඊ‌යේ (2) සිට කොළඹට නුදුරු පොලිස්  කොට්ඨාසයක  සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ මෙම පොලිස් ස්ථානාධිපතිවරයා මීට මාස කිහිපයකට පෙරදී  අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරට පත්ව ඇතැයි ද ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ස්ථානාධිපතිවරයා අදාළ පොලිස් බල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට බලපෑම් කරමින්  විවිධ ආහාරපාන ගෙන්වාගන්නා බවත්, ඔහුගේ පුද්ගලික මෝටර් රථයට ඉන්ධන හල් වලින් රුපියල්  5000 ට වැඩි මුදලකට නිතරම ඉන්ධන ලබා ගන්නා බවටත්   පැමිණිලි ලැබී ඇති බවද පොලිස්  ආරංචි  මාර්ග සඳහන් කරයි.

ස්ථානාධිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිලි අනුව විමර්ශනයක් සිදුකර මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත.