
(අංජුල මහික වීරරත්න)
ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ මහතා හමුවේ පැවසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ව්‍යපෘති මෙලෙස කඩිනමින් අරඹන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපාන රජය සහ ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ස්තුතිය පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ආචාර්ය අකිහිකෝ මහතා කීවෙි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනය සූදානමින් සිටින බවයි.

