බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජපානයෙන් සොරා ගත් රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජිප් රථයක් කැළණිය වේවැල්දුව ගරාජයක තිබියදී ගරාජ් හිමියා සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
ජපානයෙන් සොරා ගත් ටොයොටා වී 8 වර්ගයේ ජිප් රථයක් කැළණිය ගරාජයක සඟවා තිබෙන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාට ලද තොරතුරක් ලැබුණු බව පොලිසිය කියයි.
මෙම සුඛෝපභෝගී ජිප් රථය 2015 වසරේ නිෂ්පාදිත බවත් ඉකුත් වසරේ නොවැම්බර් 9 වැනි දා ජපානයෙන් සොරා ගත් ජිප් රථයක් බවට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඡාත්‍යන්තර අංශයට ඡාත්‍යන්තර පොලිසියෙන් ලිඛිතව දන්වා ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරියෙක් පවසයි.

