ජපානයෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ


(රංජන් කස්තුරි)

ජපානය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 16.2ක් වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් පිරිනමා ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි.

කෝවිඩ් - 19 මර්ධන කටයුතු සඳහා එලෙස සීතලදාම උපකරණ තොගයක් පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව ජපානය ශ්‍රී ලංකාවට ලබාදීමට පෙරොන්දු වූ  ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක ප්‍රමාණය ඉදිරි සති දෙක තුළ ලබාදෙන බව ද ජපාන තානාපති කාර්යාලය පවසයි.