
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනීම යැයිද එම අභියෝගය ජය ගතහොත් හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇද කෝටි ගණන් වියදම් කරමින් ජනාවාස වලට විදුලිය දීමේ අවශ්‍යතාවයක් නැතැයි ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
නව ජනාවාසකරණයේදී නවීන තාක්ෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේ දී ලෝක ජනාවාස දින උත්සවය අමතමිනි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය එය සංවිධානය කර තිබිණි.
1986 වසරේ සිය සෑම වසරක ම ඔක්තෝම්බර් මස පළමුවෙනි ස ඳුදා ලෝක ජනාවාස දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ.
මෙවර ලෝක ජනාවාස දිනය සමැරුණේ 37 වන වරටයි. “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාවයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙවර ලෝක ජනාවාස දිනයට සමාගාමීව සංවිධානය කෙරුණු දීප ව්‍යාප්ත චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රදානය කිරීම අගමැතිවරයා අතින් සිදුවිය.
ඊට අමතරව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ජනාවාස අතර නැටුම් තරඟාවලියේ ජයග්‍රාහක කණ්ඩායම් වෙත ද තිළිණ ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

