ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි


(යොහාන් භාසුර)
නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු දහතුන්දෙනාම එකම සන්ධානයකට එකතු වීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බියකින් පසුවන බවත් ඒ හේතුවෙන් නිදහස ජනතා සන්ධානය බෙදා වෙන්කිරීමේ උත්සහයක නිරතතව සිටින බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (18) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා නාවල පිටිහි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.  
නිදහස් ජනතා සභාව තුළ මත ගැටුම් තිබුණ ද රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව පන්නා දැමීමට විපක්‍ෂයේ බලවේග සමඟ සන්ධානගතවීමට ඕනවට වඩා කල්මැරීම යහපත් නොවන බව කී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ඉදිරියේදී හදන ආණ්ඩුවේ ඇමති සිහින දකින දෙතුන් දෙනෙක් නිදහස් ජනතා සභාවේ ද සිටිය හැකි බවත්ය.