(තිළිණි ද සිල්වා)
වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ, අක‍්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය තවත් මාස 3 කට දීර්ඝ කර ඇත.
එම කොමිසමේ නිල කාලය ලබන 18 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ අතර, එය යළි මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමත් සමඟ ඔක්තෝම්බර් 18 වනදා දක්වා එහි නිල කාලය බලාත්මක වන බව එම කොමිසමේ ප‍්‍රකාශකවරයෙක් ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස නිල කාලය දීර්ඝ කර ඇති බවත්, ඊට අදාළව ජනාධිපතිවරයා ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇති බවත් එම කොමිෂන් සභාවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
2015 ජනවාරි 14 වනදා සිට 2018 දෙසැම්බර් මස 31 වනදා දක්වා වූ කාල සීමාව තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ ඉකුත් ජනවාරි 16 වැනිදාය.
ඒ අනුව රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට එරෙහිව එම ජනාධිපති කොමිසම හමුවේ පැමිණිලි රැසක් විභාගවෙමින් පවතින බව ද එම කොමිසමේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියාසිටියේය.
මෙහි සභාපති වශයෙන් විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන, විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ, විශ්‍රාමලත් අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ලලිත් ආර්.ද සිල්වා, රජයේ හිටපු විගණකාධිපති පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකවරු වෙති.

