( බන්ධුල ඉලේපෙරුම)
2020 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අතුරු සම්මත ගිණුම් 4කින් යුත් 2020 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සමන්විත බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
මේ පිළිබඳ විවාදය අද පස්වරු 5දක්වා පැවැත්වීමට නියමිත අතර මාධ්‍යවේදීන් ඇතුළු පිටස්තර කිසිවකුට අද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දී නැත.

