
(නිමල කොඩිතුවක්කු)
20 වැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයැයි කියන කාරණාව පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
ජනතා පරමාධිපත්‍ය හීන කරවන ව්‍යවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය බව සමගි ජනබලවේගයේ ස්ථාවරය වී ඇති බවද බණ්ඩාර මහතා සඳහන් කළේය.
කොළඹෙ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ජනතා පරමාධිපත්‍ය හීන කරවන විසිවන සංශෝධනය ජනතාව බිලිගැනීමට සැරසෙන යක්ෂයෙකු, මාරයෙකු විදියට සලකා එයට එරෙහිව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

