
(අංජුල මහික වීරරත්න)
ජනප්‍රිය තීන්දු ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තරුණ පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය අමතමින් පැවසීය.
ජාතික තරුණ සේවා සභාව සංවිධාන කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.
මෙවර සැසිවාරයේ තේමාව වූයේ “වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා 2024 අයවැය යෝජනා ඵලදායී ලෙස යොදා ගැනීම වෙනුවෙන් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම” යන්නයි.

