(රෝෂන් තුෂාර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපහාසවන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බව කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටි ආරච්චි මහතා අද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටි ආරච්චි ඇතුළු දෙදෙනෙකු ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා වන්දිනඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශය කරමින් නඩුව සමථයකටට පත්කළේය.
කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම ජීවන්දර මහතා ඉදිරියේ මෙසේ නඩුව සමථයකට පත් කෙරිණි.
2023 වසරේ අගෝස්තු මස 19 වනදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් මැද කොළඹ ප්‍රදේශයේ ජන හමුවක් පවත්වා සිදුකළ අසත්‍ය ප්‍රකාශයකින් තම කීර්ති නාමයට හානි සිදු වී ඇති බවත් ,එමඟින් සිදුවූ අගතියට රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂකයෙකු වුව සිටි සමයේදී මෙම නඩුව පැවරීය.