ජනපතිගේ තනියට යතුරුපැදි තුනක් පමණයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 77 වන ජාතික නිදහස් උළෙල සඳහා නිදහස් චතුරස්‍රයට පැමිණියේ පොලිස් යතුරුපැදි තුනක් පමණක් පෙරටු කරගෙනය.

ආශ්වා රෝහක රථ හෝ වෙනත් පරිවාර රථ කිසිවක් නොතිබිණි.

අග්‍රාමාත්‍යවරිය ඇතුළු සෙසු ආරාධිතයන් පැමිණීමේ දී ද ඉදිරිපසින් පැමිණියේ එක් පොලිස් යතුරුපැදියක් පමණි.

ජනපති ඇතුළු නායකයන් පැමිණීමේදී ඔවුන්ගේ බිරියන්,සැමියන් පැමිණීම මීට පෙර නිදහස් උළෙල වලදී දැකගත හැකි වූ නමුත් මෙවර එවැනි දෙයක් සිදු නොවීය.

ඡායා ළහිරු හර්ෂණ