(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වියට්නාමයේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උත්සවය සඳහා ජනාධිපතිවරයා මැයි 3 සිට මැයි 6 වැනි දා දක්වා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ජනාධිපතිවරයා නැවත මැයි 6 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.