ජනපති වියට්නාම ජනපති හමුවෙයි


(අංජුල මහික වීරරත්න)

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය.

වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන  ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

පිළිගැනීමේ උත්සවයේදී දෙරට නායකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික ගීවලට ‍ගෞරව දැක්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින්  හඳුන්වා දෙනු ලැබිණි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හා වියට්නාමය  අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. මෙහිදී  දෙරටේ ප්‍රගති සමාලෝචනය,අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කරන ලද අතර, අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි.