(සුජිත් හේවාජුලිගේ)
රට ලබන 21 වැනිදායින් පසු විවෘත කරන්නේ නම් ඒ සඳහා පැණවිය යුතු සීමා සහ අනෙකුත් කරුණු පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක්ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ අතර රට නැවත විවෘත කිරීමට පෙර අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

