ජනපති බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (6)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ජපාන සහ පිලිපීන සංචාරය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී  අදහස් පළ කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලිපීන  සංචාරයෙන් රටට අත් වූ වාසි පිළිබඳව මෙහිදී දීර්ඝ විවරණයක් කෙරෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.