ජනපති කොමිසමේ කාලය දිගු කරන්න ජනපතිගෙන් අවසර


 

 

 

(දසුන් රාජපක්ෂ) 

 

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය නොවැම්බර් 23 වැනි දා දක්වා දීර් ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කොමිසම වෙත නිර් දේශ නිකුත්  කර තිබේ.

 

කොරෝනා වසංගතයේ බලපෑම මත කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු අතපසු වීමෙන් නිර් දේශ ඇතුළත්  අවසන් වාර් තාව සකස් කිරීමට නොහැකි වූ බවත් එම වාර් තාව සකස් කිරීමට අවශ්‍ය කාලය ලබා ගැනීමට  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අනුව කොමිසම වෙත  අවසර ලබා දී ඇති බවත් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නිවේදනය කළේය.

 

ඒ අනුව අතපසු වූ සාක්ෂි විමසීමේ කටයුතු හෙට (9) සිට නැවත ආරම්භ කර අවසන් වාර් තාව ලබන 23 වැනි දින ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතය.

 

 නිර් දේශ ඇතුළත් වාර් තාව සකස් කිරීමට පැමිණිලි  123 ක් මේ වන විට මෙම ජනාධිපති කොමිසම මගින් විභාග කර අවසන් කර ඇත.