ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා හිටපු සභාපති ගැන විමර්ශන අවසන්


(නිමන්ති රණසිංහ)
 
අල්ලස් සිද්ධියකට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී මහාධිකරණයේ නඩු පැවරීමට සූදානම් කර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද(11) අධිකරණයට දැනුම්දුන්නේය.
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ  මෙම සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධියට අදාළව මෙම කරුණු අනාවරණය විය.
 
සිද්ධියට අදාළ ඉදිරි නඩු දිනය සැප්තැම්බර් 10 වන දින යළි කැඳවීමට නියමිතය.