ජනපති ඇතුළු 12ක් ජර්මනියට


(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජර්මනියේ පැවැත්වෙන " බර්ලින් ගෝලීය සැසි වාරයට " සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (27) අලුයම පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

සිව් දින නිල සංචාරයක් වන මෙම විදේශගත වීම සදහා එතුමා සමග දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු ද එක් වී සිටියහ .

ඔවුන් කටාර් ගුවන් සේවයේ කිව්.ආර් - 659 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත අලුයම 05.05 ට ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින්  ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ හවානා නුවර පැවති ජී.- 77 රාජ්‍ය නායක සමුළුවට සහ ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ඉකුත් 13වන දින ගොස් යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත් 24වන දින උදෑසනය .