ජනපති අත්සන ව්‍යාජ ලෙස භාවිතා කළ පුද්ගලයකු රිමාන්ඩ්


( පුෂ්පකුමාර ජයරත්න )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ලිපි ශීර්ෂය සහ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු අද (4) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 8 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කර ඇත .

සැකකරු කුරුණෑගල යන්තම්පලාව සුන්දරාපොළ පදිංචි 38 හැවිරිදි අයෙකි .

රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී වැඩ තහනමකට ලක්ව ඇති මොහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් ඔහුගේ රැකියාව සමග හිඟ වැටුප් නැවත ලබා දෙන ලෙස දන්වමින් ජනාධිපතිවරයාගේ අත්සන සහිතව එම බැංකුවේ සභාපතිවරයාට ලිපියක් යැවීම සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.