(සුජිත් හේවාජුලිගේ )
මෙරට ජනගහනයෙන් සියයට 67 කට පමණ ප්‍රමාණයකට "බූස්ටර්" එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග ඇණවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
ඊට අදාළ අත්තිකාරම් මුදල්ද මේවනවිට ගෙවා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.
මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන පුද්ගලයින් 62,008 දෙනකු ඊයේ (19) දිනයේදී එන්නත්කරණයට ලක් කර ඇත.
ඉන් පුද්ගලයින් 22, 644 දෙනෙකුට ලබාදී ඇත්තේ කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාවයි.
දෙවන මාත්‍රාව පෙරේදා දිනයේදී ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 39,364 කි.
ඒ අනුව මෙරට පුද්ගලයින් එක් කෝටි තිස්හත් ලක්ෂයකට වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

