ජනක රණවක ජනපති පෞද්ගලික ලේකම් තනතුරට


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සාමාජික ජනක රණවණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර තිබේ.

එරික් වීරවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවු පුරප්පාඩුව පිරවීම සඳහා රණවක මහතා පත් කර ඇත.

වීරවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමට අවශ්‍ය බව පවසමිනි.

(28535)