ඡන්දෙට සල්ලි නොදුන්නොත් ආපහු උසාවි යනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඡන්දෙට මුදල් නොදුන්නොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නැවත වතාවක් අධිකරණයට යන බව සජබ  පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමගි ජන බලවේගය අධිකරණයට ගියේ පාර්ලිමේන්තුවේ බලය  ජනාධිපතිවරයා උදුරා ගත් නිසා යැයි මද්දුමබණ්ඩාර මහතා කීය.

ඡන්දයෙන් පත් නොවූ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම විනාශ කරමින් හමුදාවේ සහ පොලිසියේ බලයෙන් රට පාලනය කරන යුගයකට පැමිණ තිබෙන බව කී මද්දුමබණ්ඩාර මහතා අද වන විට ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදයට සහ ජනසම්මතවාදයට විශාල අභියෝගයක් එල්ල වී තිබෙන බව සඳහන් කළේය.

සර්වජන ඡන්ද බලය පිළිබඳ කල්තැබීමේ විවාදය අරඹමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව පැවසීය.