ඡන්දෙ කල් දැම්මොත් ඉල්ලන් කන්න වෙනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය දිගටම කල් දැම්මොත් ඉල්ලන් කන්න වෙන බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

පළාත් පාලන ඡන්දයේදී  කල් දැමීම සුදුසු නැතැයි කී මන්ත්‍රීවරයා මෙි වෙලාවෙි පළාත් පාලන  ඡන්දයක් පැවැත්විය යුතු යැයිද  පුලුවන්නම් පළාත් සභා මැතිවරණයක් තිබිය යුතු බවද කීය. 

එසේ නැත්නම් පළාත් සභා අහෝසි කර දැමිය යුතු බව කී මන්ත්‍රීවරයා මහජන නියෝජිතයන් නැති සුදු අලි තියාගෙන සිට  වැඩක් නැතැයි පැවසීය.

පොදුජන පෙරමුණ  මන්ත්‍රීවරුන් 134 කගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා  ධුරයට පත් කර  ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, කැලෑ නීතිය ඉවත් කිරීම සහ රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම බව  අබෙිගුණවර්ධන මහතා සඳහන් කළේය.