(මුදිතා දයානන්ද)
(මුදිතා දයානන්ද)
ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද දැනට නම් කර ඇති දිනයෙන් පසු මැතිවරණය සඳහා දිනයක් ඉක්මනින් නම් කරන්නට බලාපොරොත්තුවන බවද මැතිවරණ කොමිසම තමන්ට ප්‍රකාශ කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාර්තු 9 සිට එළෙැඹෙන දින 21කින් පසු දිනයක මැතවණය පැවැත්වීමට කටයුතු යොදන බව ට කොමිසම තමන්ට පොරොන්දු වූ බව ද දිසානායක මහතා කියා සිටියේය.
ඔහු මේ බව පැවැසුවේ මැතිවරණ කොමිසම හමුවීමෙන් පසුව රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස් දක්වමිනි

