(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීම අද (16) පස්වරු පහෙන් අවසන් විය.
ඡන්ද විමසීම උදෑසන (7) ට ආරම්භ වූ අතර ඡන්ද පොළ මධ්‍යස්ථාන 12,848කදී ඡන්ද විමසීම සිදු කෙරුණි.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත් වී සිටි අතර 15,992,096 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියහ.

