(අංජුල මහික වීරරත්න)
එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද ලක්ෂ හැත්තෑවක් ලබාගත යුතු අතර සියලු පාර්ශව ඒකරාශී කරගනිමින් එම ඉලක්කය කරා යෑමට කැපවී ක්‍රියාකළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඈත්වූ සිංහල බෞද්ධ, කතෝලික, මධ්‍යම පාන්තික ඡන්ද දායකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂය හැරගිය අයගේ ඡන්ද නැවත පක්ෂය වෙත ලබාගත යුතු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
"එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අප මේ වනවිට ආරම්භකර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කළා. එම වැඩකටයුතු පසුගිය ජනවාරි මාසය වනවිට අප අවසන් කළා.
ඊළඟ පියවර වුනේ දිස්ත්‍රික් මට්ටමින් ගොස් අපේ නිලධාරී මණ්ඩලය සහ පාක්ෂිකයින් අතර සබඳතා වර්ධනය කරමින් අපේ ගමන් මග පිළිබඳව ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමයි. ඒ වැඩපිළිවෙලත් මේ වනවිට බොහෝ දුරට අවසන් කර තිබෙනවා යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

