ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු



(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ   අපේක්ෂකයෝ  30  දෙනෙක්  පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

මෙම අපේක්ෂකයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මාර්තු මස 3 වැනිදා සිට අද උදෑසන 6  දක්වා කාලයේදී බව   පොලිසිය පවසයි.

මෙයට අමතරව එම කාලයේදී  පක්ෂ ආධාරකරුවන් 131 දෙනෙකු සහ  වාහන 31ක්ද   පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.