ඡන්ද නීති කැඩූ අපේක්ෂක 18කට නඩු


(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටී.

මාර්තු මස 3 වෙනිදා සිට ඊයේ (16)  දින දක්වා කාලය තුළ මෙම පිරිස මෙසේ  අත්අඩංගුවට ගෙන ඇත

මෙයට අමතරව පක්ෂ ආධාරකරුවන් 62  ක් සහ වාහන 14ක් ද  එම කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත