( ටී.කේ.ජී.කපිල )
චීනයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය ආධාර තොගයක් , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
මුහුණු ආවරණ , ආරක්ෂිත ඇදුම් , ඇස් කණ්නාඩි , මුහුණු ආරක්ෂණ ආවරණ , නෙබියුලයිසර් , ස්පන්දන ඔක්සිමීටර් , උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර් එම වෛද්‍ය ආධාර තොගය අතර තිබූ අතර , මේවා රජයේ රෝහල් වෙත බෙදාදීමට නියමිතය .
මෙම වෛද්‍ය අාධාර තොගය චීනයේ ෂැංහයි සහ ග්වැන්ෂෝ නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙත පරිත්‍යාග කර තිබුණි .

