චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික්ටොන් 2000ක්


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් පමණ වටිනා සහල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට චීන රජය බලාපොරොත්තු වන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

චීන - ශ්‍රී ලංකා අතර රබර් සහ සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් හදිසි ආහාර ආධාරයක් ලෙස මෙම සහල් තොගය ලබදෙන බව ද චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් කීය.

වර්තමාන ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව චීන රජයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ද මීට පෙර අයදුම් කර තිබේ.