(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක) ලී ෂන්සු මහතා සමග සූම් තාක්ෂණය ඔස්සේ අද (1) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වමිනි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන සදහා චීනය පහසුකම් සලසන බව මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා පැවසීය.
එසේම සමීප මිතුරකු වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපරිම සහයෝගය දෙන බවත් මෙම සාකච්ඡාව වඩාත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමටද කැපවන බවත් චීන කතානායකවරයා මෙහිදී සහතික වූයේය.
කොවිඩ් තත්වය පහවීමෙන් පසු දෙරට අතර දූත පිරිස්වල සංචාර මගින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමට හැකිවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුද සහභාගි වූහ.

