
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල හෝ ඒ වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (1)පැවසීය.
මේ සම්බන්ධව ගත ගත යුතු පියවර පිළිබඳ නීතිපති උපදෙස් ලබාගෙන තිබෙන අතර නුදුරේදීම ඒ ගැන ක්‍රියාමාර්ග ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
මේ ප්‍රශ්නය පිළිබඳ වැඩිදුර සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.
අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.

