
(යොහාන් භාසුර)
විවාදාත්මක තත්ත්වයකට පත්ව තිබෙන කාබනික පොහොර සැපයුම්කරුවකු වන චීනයේ චින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 8 ක් හෙවත් රුපියල් ලක්ෂ 16000 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර ඇති බව වාර්තා වේ.
එම සමාගමේ පොහොර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායනය සේවයෙන් මෙම වන්දිය ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ.
එම සමාගමට අයත් කාබනික පොහොර රැගත් නෞකාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

