චමින්ද වෙනුවෙන් අරලියගහ මැදුර අසල මල්වඩම් හා සුදු කොඩි


(ශාන්ත රත්නායක)

රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂා වෙන්නුවෙන් අරලියගහ මැදුරේ ප්‍රධාන ගේට්ටුවේ සුදු කොඩිවලින් සරසා ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

අරලියගහ මැදුර අසල ගාලුමුවදොර විරෝධතාවේ යෙදී සිටින පිරිස විසින් එම සුදු කොඩිවලින් සරසා ඇත. එහි ප්‍රධාන ගේට්ටුව අවහිර වන අයුරින්  මල්වඩම් තබා තිබිණි.