චන්දිමාල් - හංසමාලි නිරෝධායන අවසන් කර ගෙදර යති


(නිමන්ති රණසිංහ)

කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළැයි චෝදනා ලැබ නිරෝධායනයට යොමු කර සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි ඇතුළු පිරිස අද (17) දින නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත.

මෙම පිරිස නිරෝධායනය අවසන් කර මේ වන විට පස්සර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව කොළඹ ප්‍රදේශය බලා එමින් සිටින බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ නිතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඒ අනුව ඔවුන් පැමිණී පසු මානව හිමිකම් කොමිසෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණීල්ලට අදාළ ලිඛිත ලේඛණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නිතීඥවරයා සදහන් කළේය.

එසේම, අධිකරණයෙන් ඇප ලබා දී තිබියදීත් තමන් පොලිස් භාරයට ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් තම මුලික අයිතිවාසිකම් කඩවීම පිළිබදව අභියාචනාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ද තම සේවාදායකයන් බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කළේය.